ප්‍රභූවරයකුගේ ගමන් මල්ලට එබුණු ‘පොලිසියේ තුනකට ‘ දුන්න දඬුවම

ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරික්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරියක ඇතුළු තිදෙනකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වනවා.
ප්‍රභූවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සිටියදී ඔහුගේ ආරක්ෂක නිලධාරියකු ප්‍රභූවරයාගේ පෞද්ගලික දෑ අඩංගු ගමන් බෑගය රැගෙන පාර්ලිමේන්තු නිලධාරි පිවිසුමෙන් ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරිනියන් දෙදෙනා හා පොලිස් කොස්තාපල්වරයා ඒ ආරක්ෂක නිලධාරියා මද වේලාවක් රඳවාගෙන එම ගමන් මල්ල පරික්ෂා කරමින් ප්‍රභුවරයාගේ කටයුතුවලට බාධා වන ආකාරයට හැසිරී ඇතැයි සඳහන් වනවා.
සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් බෑගය සම්බන්ධයෙන් කිසියම් වූ අවබෝධයකින් කටයුතු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් මේ සිද්ධියේදී එම තිදෙනා අනවබෝධයෙන් කටයුතු කර ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසනවා.
දැනගන්නට ඇති අන්දමට මේ ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයා විසිනුයි.
මේ අතර පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.එ ල්. ලියනගේ මහතා ද පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබසිටිනවා.
කෙසේ වෙතත් ඔහුගේ එම ස්ථාන මාරුවීම ඉහත සිද්ධියට පෙර සාමාන්‍ය ක්‍රමවේදය අනුව සිදු වූ එකක් බව පාර්ලිමේන්තු පොලිසිය සඳහන් කළා.
ලියනගේ මහතා මාරු කර යැවීමෙන් හිස් වූ පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති තනතුරට ප්‍රධාන පොලිස් පරික්ෂක වී.පී.ඊ. ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ සිටිනවා.
ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රනාන්දු මහතා ගමන් මලු පරික්ෂා සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් ලැබූ ප්‍රධාන පොලිස් පරික්ෂකවරියගේ ස්වාමි පුරුෂයා වීම මෙහි ඇති විශේෂත්වයයි.
933 Views
Comments