“20 වන සංශෝධනයෙන් මහින්දව පඹයෙක් කරලා” – අනුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

“20 වන සංශෝධනයෙන් මහින්දව පඹයෙක් කරලා” – අනුර

“20 වන සංශෝධනයෙන් මහින්දව පඹයෙක් කරලා” – අනුර

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ඊයේ (03) ප්‍රකාශයට පත් කෙරුණා.

 

මේ පිළිබඳව අද ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයයේදී පැවති මාධ්‍යහමුවකදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වා සිටියා.

 

මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ බලය මුළුමනින්ම අත්පත් කරගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය ධූරය නාමමාත්‍රික තනතුරක් බවට පත්කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

 

“මම දන්නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා කවර තීන්දුවක් ගනීද කියලා. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා ඔහුට පියන් කෙනෙක්ටවත් තියෙන බලය නොමැති බව. ප්‍රේමදාසගෙ යටතේ විජේතුංගගෙ හැසිරීම අපි දැක්කා. විහිළු කතා ගොඩක් තිබ්බා. චන්ද්‍රිකා ජනාධිපතිණිය යටතේ වික්‍රමනායක මහත්තයාගේ ඉරණම අපි දැක්කා. මහින්ද රාජපක්ෂ යටතේ දිමු ජයරත්න මහත්තයට වෙච්ච දේ අපි දැක්කා. මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැති මහින්දගේ ඉරණමද එලෙසින්ම මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා ලියා තියෙනවා.

 

අගමැති ප්‍රේමදාස කියූ පරිදි පියන් කෙනෙක්ටවත් තියෙන බලයක් අගමැතිට අහිමි වෙලා තියෙනවා. ඔහු හුදු සැරසිල්ලක් වෙලා තියෙනවා. වචනය සැර වෙන්න පුළුවන් ඒත් ‘පඹයෙක්’ වෙලා තියෙනවා.” යැයි ඒ මහතා පවසනවා.

 

 

views

1289 Views

Comments

arrow-up