ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පැවැත්වුවා - ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පැවැත්වුවා - ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය

ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පැවැත්වුවා  -  ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කර සිටිනවා. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර සිටියා. 

 

ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ අද රාත්‍රී 7.00 පමණ වන විට MV New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි.

 

ගිනි ගත් ඉන්ධන නෞකාව ගොඩබිම දෙසට ඇදී ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය නිකුත් කළ ට්විටර් නිවේදනයේ සඳහන් වන්නේ.

 

views

851 Views

Comments

arrow-up