කොරෝනා මර්දනය කරන්න සෞඛ්‍ය ඇමති තනතුර විපක්ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
25

කොරෝනා මර්දනය කරන්න සෞඛ්‍ය ඇමති තනතුර විපක්ෂයට

කොරෝනා මර්දනය කරන්න සෞඛ්‍ය ඇමති තනතුර විපක්ෂයට

මේ වනවිට කෝවිඩ් 19 වෛසරයෙන් බැටකන යුරෝපා රටවල් අතර පෙරමුණේ පසුව නෙදර්ලන්තයේ රජය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සෞඛ්‍ය අමාත්‍ය තනතුර පිරිනමා තිබෙනවා. ඒ එරට දැනට සිටින සෞඛ්‍ය ඇමතිවරයාට අමතරවයි. 

 

කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර වෛද්‍ය සුව සේවා කටයුතු සියල්ල නව සෞඛ්‍ය ඇමතිවරයා යටතට පත්කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම තනතුර තාවකාලික තනතුරක් බවයි එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වන්නේ.

 

මෙම තනතුරට පත්කර තිබෙන්නේ, මීට පෙර 2012 - 2017 වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ මාර්ටින් වෑන් රයින් මහතාය. ඔහු එරට විපක්ෂය නියෝජනය කරන ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරයෙකි.

 

නෙදර්ලන්ත අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඔහුට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන වසර ගණනාවක හසළ අත්දැකීම් තිබෙන බවයි. එසේම සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු පිළිබඳවද අවබෝධයක් තිබෙන බැවින් කෝවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා ඔහුට විශාල කාර්යභාරයක් සිදුකළ හැකි බව ද අගමැතිවරයා පවසනවා.

 

මේ වනවිට නෙදර්ලන්තයෙන් තුළ කෝවිඩ් 19 ආසාදිතයන් 5560 ක් වාර්තා වී ඇති අතර 276 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 500 කට ආසන්න ප්‍රමාණයක් බරපතල තත්වයේ පසුවෙයි.

views

1441 Views

Comments

arrow-up