හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් නොතීසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් නොතීසි

හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් නොතීසි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු තුමන්ලා තිදෙනාට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන්ට අද(23) පස්වරු 2.00 ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔවුන්ට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

 

views

819 Views

Comments

arrow-up