අධිබලැති පීඩන බෝම්බ ඇතුලු ආයුධ රැසක් හමු වෙයි…
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

අධිබලැති පීඩන බෝම්බ ඇතුලු ආයුධ රැසක් හමු වෙයි…

අධිබලැති පීඩන බෝම්බ ඇතුලු ආයුධ රැසක් හමු වෙයි…

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් බටහිර ප්‍රදේශයේදී ඉඩමක කොටි සංවිධානය විසින් වලදමා තිබූ අධිබලැති පීඩන බෝම්බ 3ක් සමග තවත් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය තොගයක් අද හමු වූ බවට මුලතිව් පොලීසිය පවසයි.

 

වෙල්ලමුල්ලි වයික්කාල් බටහිර ප්‍රදේශයේ සාමාන්‍ය වැසියෙකු විසින් සිය ඉඩම එලිපෙහෙලි කිරීමේදී අදාල ආයුධ තොගය මතු වීමෙන් පසුව ඒ පිළිබඳය මුලතිව් පොලීසියට දැනුම් දී තිබුණි.

 

අනතුරුව එම ස්ථානයට ගිය මුලතිව් පොලීසිය විසින් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේද නියෝගයකට අනුව කැනීමක් සිදු කොට ආයුධ රැසක් ගොඩ ගනු ලැබීය.

 

එහිදී කිලෝ 15 ක බරින් යුත් අධිබලැති පීඩණ බෝම්බ 3ක්, සී.ෆෝ කිලෝ 5ක්, ක්ලේමෝ බෝම්බයක්, මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩ 7ක්, ඩෙටනේටර් 115 ක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ෆියුස් තොගයක්ද තිබී හමු වී ඇත.

 

යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙතට එල්ල කිරීම සඳහා අදාල බෝම්බ වලදමා තබන්නට ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කර සිටියි.

 

හමු වූ යුද උපකරණ තොගයන් මුලතිව් අධිකරණයේද නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 

views

840 Views

Comments

arrow-up