ජනපති අගමැති නම කියු පමණට පාසැල් වලට ළමුන් ඇතුලත් කරගන්නේපා - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

ජනපති අගමැති නම කියු පමණට පාසැල් වලට ළමුන් ඇතුලත් කරගන්නේපා - ජනපති

ජනපති අගමැති නම කියු පමණට පාසැල් වලට ළමුන් ඇතුලත් කරගන්නේපා - ජනපති

ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළව ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

 

ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යවරයාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී සිටියි. සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර ඇත.

 

විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතු බවත් ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

 

මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දී සිටියි.

 

 

 

views

762 Views

Comments

arrow-up