ගාලු වරායෙන් රටට ඇතුළු වන සියලු දෙනා පරීක්ෂා කිරීමට පියවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

ගාලු වරායෙන් රටට ඇතුළු වන සියලු දෙනා පරීක්ෂා කිරීමට පියවර

ගාලු වරායෙන් රටට ඇතුළු වන සියලු දෙනා පරීක්ෂා කිරීමට පියවර

ගාල්ල වරාය ඔස්සේ රටට ඇතුළුවන නැව් සේවකයන් සියලු දෙනාම වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බවත් ඔවුන් අතරින් රෝගී යම් අයකු සිටී නම් නිරෝධායන කටයුතු සඳහා යොමුකරන බවත් ගාල්ල වරාය කළමනාකරු කේ.ඒ.කේ.එන්.ඩබ්ලිව්.වීරසිංහ මහතා පැවසීය.


 
ගාල්ල වරායෙන් මාසයකට 3000ක පමණ විදේශික පිරිසක් රටට ඇතුළු වෙති. ජාත්‍යන්තර නැව් සමාගම්හි සේවක හුවමාරු මධ්‍යස්ථානයක් හා සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල වරාය යොදා ගැනීම ඊට හේතුවයි.


 
වීරසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.


 
''ගාල්ල වරාය මේ සේවා ලබාදීමෙන් විශාල විදේශ විනිමයක් උපයනවා. අපි මෙහි පැමිණෙන සියලුම විදේශිකයන් පළමුව වරායේ වෛද්‍ය ඒකකයට යොමු කරනවා. එම ස්ථානයේ වෛද්‍යවරු කිහිප දෙනෙක් ඇතුළු කාර්ය මණ්ඩලය පැය 24ම සේවාව පවත්වාගෙන යනවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ. ගැටලුකාරී යම් අයකු සිටීනම් එම වෛද්‍යවරු ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකරනවා. අපි ආරක්ෂිත වැඩපිළිවෙල හොඳින් කරගෙන යනවා."


 
නැව්වලට ඇතුළුවන සහ නැව්වලින් පිටතට යන සේවකයන් ගාල්ල වරායෙන් හුවමාරු කටයුතු සිදුකරන අතරම නැව් සඳහා අවශ්‍ය විවිධ සේවාවන් සැපයීම  ද කලක සිට ගාල්ල වරායෙන් සිදුකරයි. කළමනාකරු පවසන්නේ වැඩිිපුරම මෙලෙස හුවමාරුවන්නේ නැව්වල නීත්‍යානුකූලව සේවය කරන හමුදා සහ ආරක්ෂක නිලධාරීන් බවයි. ඔවුන් අතර ඉතාලි ජාතිකයන් නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

views

706 Views

Comments

arrow-up