අතුරුදහන් වූ රවී ඇතුළු සැකකරුවන් සොයන්න රහස් පොලිස් කණ්ඩායම් 25 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

අතුරුදහන් වූ රවී ඇතුළු සැකකරුවන් සොයන්න රහස් පොලිස් කණ්ඩායම් 25 ක්

අතුරුදහන් වූ රවී ඇතුළු සැකකරුවන්  සොයන්න රහස් පොලිස් කණ්ඩායම් 25 ක්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තවත් කණ්ඩායම් 25ක් යොමුකර තිබෙනවා.

 

ඊයේ දිනයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණියද ඔහු එහි නොසිටි බවයි පොලීසිය ප්‍රකාශ කළේ.‍

 

කරුණානනායක මහතා රැකවරණය ලබනු ඇතැයි විශ්වාස කළ ස්ථාන කිහිපයක් දිනක් තුළ සෝදිසි කළ නමුත් රහස් පොලිසියට ඔහුව සොයා ගැනීමට නොහැකි ව තිබෙනවා.

 

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළා.

 

ඒ අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කළේ. එහෙත් රවී කරුනානායක, කසුන් පලිසේන ඇතුළු බැඳුම්කර වංචාවේ සැකකරුවන් මේ වන විට සිය නිවෙස්වල නොමැති බව පොලීසිය පවසනවා.

 

කෙසේ වුවද මෙම සැකකරුවන් අතුරින් බැඳුම්කර වංචාවේ අටවන සැකකරුවන මුත්තුරාජා සුරේන්ද්‍රන් ඊයේ දිනයේදී  අත්අඩංගුවට ගැනුණා. මෙම සියලු  සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කර ඇති පසුබිමක ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

views

1327 Views

Comments

arrow-up