ඕන කපුටෙක් ඔළුවට උඩින් පියඹපුවාවේ ඔලුව උඩ කූඩු හදන්න නම් දෙන්නේ නැහැ -අල්ලේ ගුණවංශ හිමි (Video)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

ඕන කපුටෙක් ඔළුවට උඩින් පියඹපුවාවේ ඔලුව උඩ කූඩු හදන්න නම් දෙන්නේ නැහැ -අල්ලේ ගුණවංශ හිමි (Video)

ඕන කපුටෙක් ඔළුවට උඩින් පියඹපුවාවේ ඔලුව උඩ කූඩු හදන්න නම් දෙන්නේ නැහැ -අල්ලේ ගුණවංශ හිමි (Video)

”ඕන කපුටෙක් ඔළුවට උඩින් පියඹපුවාවේ ඔලුව උඩ කූඩු හදන්න නම් දෙන්නේ නැහැ” යනුවෙන් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

 

 

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා විපක්ෂය නියෝජනය කළ මුස්ලිම් මන්ත්‍රීවරු ජන්දය ප්‍රකාශ කර තිබෙන නමුත් ඔවුන්ගේ ඉදිරි හැසිරීම සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවයි ඇල්ලේ ගුණවංශ හිමියෝ කියා සිටියේ.

 

 

ඔවුන් ජන්දය ප්‍රකාශ කිරීම තුළ කිසියම් හෝ බලාපොරොත්තුවක් තිබිය හැකි වුවත් එම පිරිස ආණ්ඩුවට මෙතෙක් කිසිදු ඉල්ලීමක් ද කර නොමැති බව උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.

 

 

කෙසේවෙතත් කුමක් සඳහාද එලෙස ජන්දය දුන්නේ යන්න පිළිබඳ අවදානයෙන් සිටින බව ද උන්වහන්සේ කියාසිටියහ.

 

 

”මොකද මෙච්චර ඉක්මණට එකතු වුණේ, ඒවා සැකයට භාජනය වෙලා තිබෙනවා. ඒවා අපි නෑ කියන්නේ නැහැ. ආණ්ඩුවට කවුරු ගත්තත් මේ රටේ ජනතාව වෙනුවෙන්, රටේ ජාතික සම්පත් වෙනුවෙන්,අපේ උරුමය වෙනුවෙන්, අපේ සංස්කෘතිය,සභ්‍යත්වය,ශිෂ්ටාචාරය වෙනුවෙන් දැඩි ලෙස මේ ව්‍යවස්ථා සංශෝධනය හමුවේ පෙනී සිටිනවා.”

 

 

මේ අතර මෙම සංශෝධනයේ ප්‍රශ්න ගත තත්ත්වයක්ව පවතින ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයද ඉදිරි නව ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවට ජනාධිපතිවරයා තමන් වහන්සේට පෞද්ගලිකවම පොරොන්දු වූ බවද අල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

 

 

 

 

 

views

743 Views

Comments

arrow-up