රාජිත අත්අඩංගුවට ගෙන නෑ - නි .සො .ජනරාල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
27

රාජිත අත්අඩංගුවට ගෙන නෑ - නි .සො .ජනරාල්

රාජිත අත්අඩංගුවට ගෙන නෑ  - නි .සො .ජනරාල්

හිටපු  ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස්  ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර  ලබන බවත්  නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය.

 


 
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ  නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න  මෙනවිය ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.

 


 
ලංකා පෞද්ගලික රොහ්ලේ වෛද්‍ය උමා ශංකර්  මහතා විසින්  විසින්  අමාත්‍යවරයා  සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර  ඇති බවත්  එහි සඳහන් පරිදි  අධික රුධිර  පීඩන, ආතතී යන රෝගී තත්ත්වයන්ට රාජිත සේනාරත්න මහතා භාජනය වී ඇති බැවින්  ඔහුගේ සමීපයට යා නොහැකි බවත්  සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දක්වමින් සඳහන් කළාය.

 


 
රාජිත සේනාරත්න  මහතා  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා කීවේ  සිය සේවා දායකයා  අත්අඩංගුවට  ඇති බවට ප්‍රචාරයක්  පවතින බවයි.

 

 


කරුණු සලකා බලමින් එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ පොලීසිය අධිකරණයට කරුණු දක්වනවාම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නැති බව එය එසේ සිදුවී ඇති බවයි.
 එහිදී  අපරධ පරීෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වැඩිදුර  බී වාර්තාව වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය බව පැවසූ මහෙස්ත්‍රාත්වරිය නඩුව  විනාඩි 25 කට කල් තැබුවාය.

 

views

731 Views

Comments

arrow-up