ස්විස් සිද්ධිය ගැන සොයන්න එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
20

ස්විස් සිද්ධිය ගැන සොයන්න එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු දිවයිනට

ස්විස් සිද්ධිය ගැන සොයන්න එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු දිවයිනට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ , ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා මෙලෙස දිවයිනට එවීමිට කටයුතු කරන බවයි.

 

මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

 

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයන් එරට විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකථන සංවාදයක් ද පවත්වා තිබෙනවා.

views

697 Views

Comments

arrow-up