ජාත්‍යන්තර නීති උල්ලංඝනය කළ ශ්‍රී ලාංකිකයින් 8කට නිදහස
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
20

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කළ ශ්‍රී ලාංකිකයින් 8කට නිදහස

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කළ ශ්‍රී ලාංකිකයින් 8කට නිදහස

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්ඩංගුවට ගෙන මාලදිවයිනේ රඳවා සිටි ශ්‍රී ලංකාවේ ධීවරයන් අටදෙනෙකු නිදහස් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසනවා.

 

මාලදිවයිනෙහි නාවික හමුදාව ඉකුත් 16 වැනි දින අත්අඩංගුවට ගත් මෙම ධීවරයෝ ගාල්ලේ පදිංචිකරුවෝ වනවා.


 
ධීවරයන් අටදෙනා සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා හය හෙට (20) මෙරටට රැගෙනඒමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළා.


 
මෙම ධීවරයන් ඉකුත් 13 වැනිදා ගාල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට පිටත්ව ඇති අතර ඔවුන්ගේ සබඳතා නතරවීම හේතුවෙන් සොයාබැලීමේදී මාලදිවයිනේ නාවික හමුදාව බාරයට පත්ව ඇතැයි වාර්තා වූ බව ඩග්ලස් දේවානන්ද මහතා කියා සිටියා.
 


ඒ අනුව මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ධීවරයන් හුවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමට අනුව ඔවුන් සහ ධීවර යාත්‍රා නිදහස් කිරීමට මාලදිවයින් රජය පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.

views

606 Views

Comments

arrow-up