අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ රාජිතගේ ඇප අයදුම් පත ප්‍රතික්ෂේපයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
20

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ රාජිතගේ ඇප අයදුම් පත ප්‍රතික්ෂේපයි

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ රාජිතගේ ඇප අයදුම් පත ප්‍රතික්ෂේපයි

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පෙරවරු 10ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණියා.

 

ඒ සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අයදුම්පත සළකාබැලීමේ අවස්ථාවටයි.

 

එම අපේක්ෂිත ඇප අයදුම්පත අද දිනයේ අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

views

779 Views

Comments

arrow-up