කිසිදු හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නැහැ - ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාව ඉවත හෙළීමට කිසිසේත් සූදානම් නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. කිසිදු ආකාරයකින් යුද හමුදා කදවුරු ඉවත් කිරීමක් සිදු නොකරන බවයි ආරක්ෂක ලේකම්වරයා මහනුවර දළදා වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ.
"රජයක් විදිහට මර්දනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕන මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපි ඉස්සෙල්ලම කලබලයක් ඇති වෙනවා නම් රටේ නීතියට අනුව අපි ඉස්සෙල්ලාම යොදන්න පොලිසිය. සම්පූර්ණ බලතල ගෙන පොලිසියට විශාල කලබලයක් ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇති වුණේ නැත්නම් අපි හමුදාව ඒවට පාවිච්චි කරන්නේ නැහැ.
රීති පද්ධතියක් මේ රටේ තිබෙනවා නීති පද්ධතියට අනුව පොලිසිය ඒවාට අවශ්‍ය පියවර ගන්නවා උතුරේ ජනතාව රට විශාල සේවයක් අපි කරන්න තියෙනවා.
TNA සංවිධානය උතුරේ ජනතාවගේ මහජන නියෝජිතයෝ නම් ඊයේ එය සංවිධානය වෙනත් පැත්තකට අදින් නැතුව රජයත් සමඟ එක්වෙලා ඒ අයට යහපතක් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්න ඕනේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සැදී පැහැදී ඉන්නවා රජයේ ස්ථාවරය තමන් රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය තැන්වල හමුදාව සිටියයුතුයි. ඒක නිසා කවුරුවත් කියපු පලියට ජාතික ආරක්ෂාව පහතට දාලා හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ. හමුදා කඳවුරක් තිබුණා කියලා කාටවත් හානියක් වෙන්නේ නැහැ. හමුදා කඳවුරු මහජනතාවට වෙන්නේ සේවයක්."
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දළදා මාලිගය වෙත පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි කමල් ගුණරත්න මහතා එම පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුවයි ආරක්ෂක ලේකම්වරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ.
1487 Views
Comments