අපි හිටියත් නැතත් ඉදිරි මහ මැතිවරණයට ජයට වැඩ කරන්න - ජොන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

අපි හිටියත් නැතත් ඉදිරි මහ මැතිවරණයට ජයට වැඩ කරන්න - ජොන්

අපි හිටියත් නැතත් ඉදිරි මහ මැතිවරණයට ජයට වැඩ කරන්න - ජොන්

තමන් සිටියත් නොසිටියත් ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවා. ඊයේ ගම්පහදී පැවැති මාධ්‍ය හවුමකදී ඔහු මේ බව කියා සිටියා.

 

" මෙම මැතිවරණයේදී අපට විරුද්ධව සහ මධ්‍යස්ථව කටයුතු කළ සියලුම මාධ්‍යයටද ස්තුතිවන්ත වන අතර සුදු වෑන් නොඒවායි කියා ප්‍රාර්ථනය කරනව. මෙම මැතිවරණයේ ප්‍රතිඵල සමාලෝචනයක් කළ යුතුයි. පසුගිය මැතිවරණයෙන් අපි ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 4450 කළ අතර මෙවර වැඩි ඡන්ද 10,000 කින්වත් ජයග්‍රහණය කරාවි කියල මම හිතුව. එයයි ඉලක්කය වුණේ.

 

ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබෙනව. අපිට ආරංචි විදියට ලබන පෙබරවාරි අග පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ විසි ගණන්වල මැතිවරණය පවත්වනව.

 

නව ජනාධිපතිවරයා පිළිගැනීම පණිස පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රැස්වීමේදී මේ ගැන ප්‍රකාශ කරාවි කියා සිතනවා. මේ නිසා මගේ එකම ඉල්ලීම අපි හිටියත් නැතත්, ඉදිරි මැතිවරණයේදී අපි ජයග්‍රහණය කිරීම පිණිස කටයුතු කළ යුතුයි.”

views

679 Views

Comments

arrow-up