මව දරුවන් දෙදෙනා සමග ළිඳට පනී

වව්නියාව, නෙදුන්කර්නි ප්‍රදේශයේදී මවක් සිය දරුවන් දෙදෙනා සමග සියදිවි නසා ගැනීමේ අරමුණින් ලිඳකට පැනීම නිසා දරුවන් දෙදෙනා මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 ක් සහ 2ක් වයසැති කුඩා දරුවන් දෙදනෙක් බවයි ප්‍රදේශ භාර ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.
මිට සති කිහිපයකට පෙර මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදිය මාර්ගයේ ලිස්සා යාමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් එම කාන්තාව දැඩි මානසික පිඩාවකින් පෙලී ඇති අතර සියදිවි නසා ගැනීමේ අරමුණින් මෙලෙස නිවස ආසන්නයේ පිහිටි ලිඳකට සිය දරුවන් දෙදෙනා සමග පැන ඇති බවයි මුලික විමර්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
මෙම කාන්තාව සිය දරුවන් දෙදෙනා සමග ලිඳට පැන ඇති බව දැනගත් ප්‍රදේශවාසීන් සහ පොලිසිය මැදිහත්වී වහා ඔවුන්ව ගොඩ ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුනත් ඒ වන විට කුඩා දරුවන් දෙදෙනා මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කලේ.
676 Views
Comments