තවත් නිරෝධායන මධ්‍යස්ථාන 02 ක් - ස්වයං නිරෝධායනයට ද ලක්වන්නැයි ඉල්ලීමක්

තවත් නිරෝධායන මධ්‍යස්ථාන 02 ක් මෙරට ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එම නව නිරෝධායන මධ්‍යස්ථාන 02 සකස් කරමින් පවතින බවයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
එහිදී "යම්කිසි ප්‍රමාණයක් සඳහා අපි සූදානමින් සිටිය යුතු බවට ජනාධිපතිවරයා අපිට උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් සකස් කරමින් සිටින්නේ. අත්‍යවශ්‍යතාවයක් වුණොත් අපිට බැහැයි කියලා දෙයක් නෑ. මේක කරන්නේ ලංකාවේ...අපේ පැත්තට එන්න එපා කියලා ජනතාව කියන්නේ කොහොමද?. නිරෝධායන මධ්‍යස්ථානයක් තිබ්බා කියලා ජනතාවට බලපෑමක් වෙන්නේ නෑ කියලා උපරිමයෙන් දැනුවත් කරලා තියෙනවා. රට තුළ කොහේ හරි නිරෝධායන මධ්‍යස්ථාන පවත්වන්න ඕනේ. " යනුවෙන් සඳහන් කෙරුණා.
ඉකුත් 01 වැනිදා සිට 09 වැනිදා දක්වා විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ නම් මෙම අවස්ථාවේ රට ගැන සිතා නිවෙස් තුළට වී ස්වයං නිරෝධායනයට ලක්වන්නැයි මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
711 Views
Comments