දිස්ත්‍රික් 03කට අදත් අධික වැසි - පවුල් 3314ක් අවතැන්

අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට අද (22) දිනයේත් මිලිමීටර් 150ත් 200ත් අතර තද වැසි ඇද හැලිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.
වර්ෂාව සමග ජලාශ පිටාර ගැලීම ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල් 3,314 ක් ආරක්ෂිත ස්ථානවල තවදුරටත් රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා හේතුවෙන් දිස්ති‍්‍රක් 13 කට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 82 කට බලපැම් එල්ල වී ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.
ගංවතුරට කොටුව සිටි පුද්ගලයින් රැසක් ඊයේ (21) පස්වරුවේ ද ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේ සහය ඇතිව මුදා ගැනුණු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ දිස්ති‍්‍රක් 06 කට නිකුත් කළ නායයාම් නිවේදනය ද තවදුරටත් කි‍්‍රයාත්මක බවයි.
718 Views
Comments