COPE රැස්වීම් මාධ්‍යයට ආවරණය කිරීම නවතයි

කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයට ආවරණය නොකිරීමට තීරණයක් ගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අද (23දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“අපි දැක්කා මේක සජීවී මාධ්‍යයට දීලා කළේ හිටපු ජනපතිතුමාටයි හිටපු අමාත්‍යවරුන්ටයි පහර දෙන්න. ඒ වගේම නිලධාරීන් ගෙනල්ලා තමන්ගේ බලය භාවිත කරලා තමන්ගේ දේශපාලන න්‍යාය වලට හා ඉලක්කවලටයි ඒක පාවිච්චි කළේ.
ඉතින් අපිටත් හොඳයි මේ එළිවෙන්නේ 2015න් පස්සේ හොරකම්. ටී වී චැනල් කෑලි කපලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව කටයුතු කරනවා.
අපි පැහැදිලිවම කියනවා මේ රටේ රාජ්‍ය නිලධාරීන් හා විවිධ තනතුරුවල හිටපු අයගේ ආත්ම ගෞරවය රැකෙන අයුරින් අපි තීරණ ගෙන තිබෙනවා. අපි බොරු මාධ්‍ය සංදර්ශන කරන්න යන්නේ නෑ. ඒ ඉතිහාසය තුනෙන් දෙකේ බලයක් දීලා ජනතාව ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරපු එක අපි නැවත වරක් ආරමභ කරන්නේ නෑ.
නලීන් බණ්ඩාර – මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. මෙතුමා කියනවා මෙතුමන්ලා තීරණයක් අරගෙනලු තියෙන්නේ මාධ්‍යයට නිරාවරණය කොරන්න. හැබැයි අපේ සභාපතිතුමා (කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත්) කිව්වේ ඉදිරි සතියේදී මේක එතුමා තීරණය කරනවා කියලා. තීන්දුව ගන්න ඕන ආණ්ඩු පක්ෂයේ සංවිධායක නෙමෙයි කෝප් කමිටුවේ සභාපති. මේ කරන්නේ කෝප් කමිටු සභාපතිට බලපෑම් කිරීමක්. ඒ කියන්නේ තීරණය අරගෙන තිබෙන්නේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු – මේක පක්ෂනායක රැස්වීමේදී කථා කරලා අපි ආපු තීරණයක්. නලීන් බණ්ඩාර මහතා පක්ෂනායක රැස්වීමේ නෑ.
නාමල් රාජපක්ෂ – පක්ෂ නායක රැස්වීමේ ගන්න තීරණවලට සභාවේ කාලය නාස්ති කරන්න එපා. පක්ෂ නායක රැස්වීමේ තීරණයක් ගත්තාම අපි ඒක ක්‍රියාත්මක කරමු
892 Views
Comments