කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානයට මෙතෙක් අවසර දී නෑ - සෞඛ්‍ය අමාත්‍යංශය

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට අවසර ලබාදී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙතෙක් එවන් අවසරයක් දී නොමැති බවයි.
කෙසේ වෙතත් සිලෝන් තවුහිද් ජමාද් සංවිධානය ඊයේ මාධ්‍ය වෙත කියා සිටියේ මේ සඳහා අවසර ලද බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් තම සංවිධානයට තහවුරු කළ බවයි.
ඒ වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ අධිකරණ ඇමතිවරයාට ස්තුති කරමින් ඔවුන් ලිපියක්ද යොමුකර තිබේ.
867 Views
Comments