රාජිත ගෙදර යයි

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ.
ඊයේ(13) මධ්‍යම රාත්‍රි ඒ මහතා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
සුදු වෑන් සිද්ධියට අදාල මාධ්‍ය හමුවක් පැවැත්විම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් දෙසැම්බර් 24 වන දින නියෝගයක් ලබාදුන් අතර එම නියෝගයෙන් දින දෙකකට පමණ පසුව රාජිත සේනාරත්න මහතා රෝහල්ගත කෙරුණි.
පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම අත්අඩංගුවට පත් වූ රාජිත සේනාරත්න මහතාට දෙසැම්බර් මස 30 වන දින ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව දවස් 19කට අධික කාලයක් රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ රෝහලෙන් පිටව ගොස් තිබේ.
ඔහුගේ රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ 10කට අධික බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ලබන 17 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද රාජිත සේනාරත්න මහතාට ඊයේ දිනයේ කොළඹ මහාධිකරණය විසින් නොතිසි නිකුත් කරනු ලැබුවේය.
641 Views
Comments