කල ගුණ දන්නා මෙවන් උතුම් මිනිසුන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

කල ගුණ දන්නා මෙවන් උතුම් මිනිසුන්

කල ගුණ දන්නා මෙවන් උතුම් මිනිසුන්

වසර තුනකට ඉහතදී මානික්කවාසගර් ඉලංචෙලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් ජී. එච්. සරත් හේමචන්ද්‍ර මහතා මියගියේ සහාසිකයකු විසින් විනිසුරුවරයා ඉලක්ක කරගෙන තැබූ වෙඩි පහරකිනි.



පොලිස් සැරයන්වරයාගේ ආදාහනය සිදු වූ දිනයේදීම විනිසුරුවරයා ප‍්‍රකාශ කළේ මියගිය නිලධාරියාගේ දරුවන් දෙදෙනාට තමන් පියකු වන බවයි.



පොරොන්දුව ඉටුකරමින් මහාධිකරණ විනිසුරුවරයා, සැරයන්වරයා මියගොස් තුන් වසරක් සපිරෙන ජූලි 23 දා සැරයන්වරයා වෙනුවෙන් දානමය පින්කම් සිදු කිරීමටද, පවුලේ උදවියගේ අවශ්‍යතා සොයා බලා ඒවා ඉටු කිරීමටද හලාවත කුමාරකට්ටුවේ පිහිටි නිවස වෙත ගොස් තිබිණ.



මියගිය සැරයන්වරයාගේ දරුවන් දෙදෙනා තවමත් අධ්‍යාපනය හදාරන නිසා ඔවුන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා ගැන සොයාබැලූ මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචෙලියන් මහතා විසින් යතුරුපැදියක් ලබාදීමද එහිදී සිදු කෙරිණ.

 

views

868 Views

Comments

arrow-up