මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ - ජොන්ස්ටන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ - ජොන්ස්ටන්

මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ - ජොන්ස්ටන්

මේ දිනවල ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල ගොඩනැගිල්ල බුවනෙක හෝටලය ආරම්භ කිරීම සදහා 35 වසරක බදු පදනම හටතේ ලබා දුන්නේ හිටපු එජාප ඇමතිවරයෙකු වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා විසින් බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

 

කුරුණෑගල නගර සභාවේ සියලු මන්ත්‍රීවරුන් එක්ව පොදු තීරණයක් ගෙන එම ගොඩනැගිල්ල ආපසු පවරා ගත් බවද ඔහු පැවසීය.

 

එම හෝටලය චන්ද්‍රසේන යන අයෙක්ට බදු පදනම යටතේ ලබාදී තිබු බවත් දැන් කියනා කාරණා අනුව බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ දන්දරේගෙ පුතා බවත් ඇමතිවරයා කියයි.

 

තමන් කුරුණෑගල නායක ලෙස සිටින තාක්කල් කුරුණෑගල නගරාධිපතිවරයා ඉවත් කිරීමට කිසිවකුට ඉඩ නොතබන ඔහු සඳහන් කළේය.

 

කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් කරනු ලැබීය.

 
කුරුණෑගල නගරාධිපතිගේ මයිල් ගහකට අත තියන්න මම ඉඩ දෙන්නෙ නෑ..!

🔺මම දිස්ත්‍රික් නායකයා වෙලා ඉන්නකම් කුරුණෑගල නගරාධිපතිගේ මයිල් ගහකට අත තියන්න ඉඩ දෙන්නෙ නෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු #lka #News1st #ULM #Kurunegala #JohnstonFernando

Posted by Newsfirst.lk on Monday, July 20, 2020

 

 

views

784 Views

Comments

arrow-up