ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹෙයි

මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) ආරම්භ වුණා. ඒ, අද අළුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත‍්‍රය සිදු කරමින්.
කප් සිටුවීමේ මංගල්‍යය පුරාණ චාරිත‍්‍රානුකූලව හා ආගමික වතාවත්වලට අනුව සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඇසල පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර ද දේවාල පරිශ‍්‍රයේ පැවති අතර පුරාණ චාරිත‍්‍රානුකූලව දේවාභරණ වැඩම කරවීම එහිදී සිදුවනවා.
අස්ගිරි විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සඳහන් කළේ කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වුවද සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර අනිවාර්යයෙන්ම ඉටුකරන බවයි.
මෙවර ඇසල පෙරහැර මංගල්‍යය අවසන්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 4 වැනිදා ගැටඹේ තොටේදී සිදු කෙරෙන දිය කැපීමේ මංගල්‍යයෙන් පසුවයි. පෙර වසරවලදී ඇසල පෙරහැර මංගල්‍යයට දෙස් විදෙස් සංචාරකයින් ලක්‍ෂ ගණනක් සහභාගි වුණා.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඇසල පෙරහැර මංගල්‍යය සිදු කෙරෙන්නේ කිසිදු ජන සහභාගිත්වයකින් තොරවයි.
මල්වතු පාර්ශ්වයේ අනුනායක ශාස්ත‍්‍රපති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සඳහන් කළේ 1753 වසරේ සිට පවත්වාගෙන එන දළඳා ඉතිහාසයට අයත් මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා කර්ම පවා මෙවර සිදු නොකළ බවයි. පුරාණා චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුව මෙවර පෙරහැර පවත්වන බවයි උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.
පෙරහැර වීථි සංචාරය කෙරෙන අවස්ථාවන්හිදී කිසිදු අනවසර පුද්ගලයෙකුට මහනුවර නගරයේ විථීවලට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගන්නා බවයි මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඞී එල් ආර් රණවීර සදහන් කළේ.
673 Views
Comments