විජිතපුර ඩෝසර් කරද්දී එදා ඇමති සජිත් - කවුරුවත් ඒ ගැන කතා කළේ නැහැ - මහින්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

විජිතපුර ඩෝසර් කරද්දී එදා ඇමති සජිත් - කවුරුවත් ඒ ගැන කතා කළේ නැහැ - මහින්ද

විජිතපුර ඩෝසර් කරද්දී  එදා ඇමති සජිත්  - කවුරුවත් ඒ ගැන කතා කළේ නැහැ - මහින්ද

කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීමට සම්බන්ධ අයට තරාතිරම නෑදෑකම් නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

 

අගමැතිවරයා මේ බව සඳහන් කළේ මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.  

 

"පුරාවස්තුවක්  කැඩුවා කියලා ලොකු කලබලයක් කළා. කවුද මේ කලබලේ කළේ. පුරාවස්තුවක්,නිධානයක් ඉතුරු කළේ නැති අය අද කෑ ගහන්න පටන් අරන්. පුරාවස්තු ආරක්ෂා කරන්න එයාට කලින් අපි තමයි පටන් ගත්තේ මුහුදු මහා විහාරය ආරක්ෂා කරන්න පටන් ගත්තේ අපි. විජිතපුර ඩෝසර් කරන වෙලාවේ ඇමති කවුද? සජිත්. ඔය එක්කෙනෙක්වත් කතා කළේ නැහැ.

 

යම්කිසි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් කාගේ මිනිහෙක් වුනත් නෑයා වුනත් ඔහුට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කිරීමට පියවර ගන්නවා." යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

 

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා කතා කරන තරමට එහි වාසිය තමන්ගේ පාර්ශවයට බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. 

 

views

620 Views

Comments

arrow-up