ඇමති කාර්ය මණ්ඩලය ස්ථිර කරන්නේ පරාජය දන්නා නිසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

ඇමති කාර්ය මණ්ඩලය ස්ථිර කරන්නේ පරාජය දන්නා නිසයි

ඇමති කාර්ය මණ්ඩලය ස්ථිර කරන්නේ පරාජය දන්නා නිසයි

ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල වල ඉන්න සාමාජිකයන් ස්ථිර කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් පරාජය වෙන බව දන්නා නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පවසනවා.

 

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසුවා. එසේම ඉදිරියේදී ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිඳ සම්බන්ධ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමටද ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු මෙහිදී කියාසිටියා.

 

"සජිත්ගේ අවසන් මැතිවරණ ප්‍රචාරක සතිය මඩ සතියක් කරගෙන තිබෙනවා. එක් පුද්ගලයෙක් කියනවා සුදුවෑන් එකෙන් පුද්ගලයින් අතුරුදහන් කළා කියලා. එහෙම කියන පුද්ගලයාව ගෙනවිත් පොලිසියෙන් ප්‍රකාශයක් ගන්නේ නැතුව මාධ්‍ය සාකච්ඡා තියලා රාජිත සේනාරත්න ඇමතිවරයාගේ වාහනයේම එක්කගෙන යනවා. විසුම් පාය කියන්නේ මඩ මන්දිරයක්.

 

ඒ වගේම සහරාන්ගේ බිරිය මාධ්‍ය සාකච්ඡුාවක් තියලා බැසිල් රාජපක්ෂ මහතා සහ ගොඨාභය රාජපක්ෂ මහතා  සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියන්න නියමිත බව ආරංචි වෙනවා. ඇයටත් විශාල මුදලක් ගෙවලා ඇති. මේ මාධ්‍ය සාකච්ඡාව තියවන්න ලැහැස්ති වෙන්නේ මංගල සමරවීර මහතා නිසා අපිට භයවෙන්න දෙයක් නැහැ."

views

676 Views

Comments

arrow-up