ජනපති වුණු ගමන් පොලිස් නිලධාරීන්ට බටා හා ආහාර දීමනාව දෙනවා - සජිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

ජනපති වුණු ගමන් පොලිස් නිලධාරීන්ට බටා හා ආහාර දීමනාව දෙනවා - සජිත්

ජනපති වුණු ගමන් පොලිස් නිලධාරීන්ට බටා හා ආහාර දීමනාව දෙනවා - සජිත්

උස් පහත් භේදයකින් තොරව සියලුම පොලිස් නිලධාරීන්ට රුපියල් විසිදහසක බටා දිමනාව මෙන්ම ආහාර දිමනාවද තමා ජනාධිපති වී පැය 72 ක් තුළ ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

  

කලවානේදි ඊයේ (03) පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව  ප්‍රකාශ කළා. අද දිනයේ පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්දය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රකාශය සිදු කරන්නට ඇතිබවයි දේශපාලන විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ.

 

"මෙරට දුගී දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර සමෘද්ධි වැඩසටහන දිරිගන්වනවා. එතනින් නතර නොවී හැමදාම අපේ රටේ දුප්පත්කම තිබිය නොහැකියි. දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙල යටතේ රණසිංහ ප්‍රේමදාස මහතා වාගේ ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා.

 

පොලිස් නිලධාරින් ගැන වචනයක් කිව යුතුයි. කනගාටුවෙන් වුවත් කිව යුතුයි ඔවුන්ට ලැබිය යුතු රුපියල් 20,000 බටා එක දෙන්න යනකොට අපේ විරුද්ධවාදීන් මැතිවරණ කොමිසමට කියලා එය නතර කරලා තියෙන්නේ. අපි පොලිස් නිලධාරින්ට කියනවා මා ජනාධිපති වි  පැය 72 ක් තුළ බටා එක පමණක් නොව ආහාර දිමනාවත් ලබා දෙන්න අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා. උස් පහත් භේදයකින් තොරව ඒ ආහාර දිමනාව ලබාදෙනවා” යනුවෙන් ඔහු  වැඩිදුරටත් කියා සිටියා.

 

views

636 Views

Comments

arrow-up