කොන්දේසි 13 ඉල්ලූ ප්ලොට් සංවිධානයේ සහයත් සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී, ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානය ද තීරණය කර තිබෙනවා. එහි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස හට සහය පළ කිරීමට සිය සංවිධානය තීරණය කළ බවයි.
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානතම හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානයේ නායකයෝ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(4) හමුවුණා.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා ගැනීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ දැනුම්දීමට අනුව කොළඹ අරලියගහ මන්දිරයේදී ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරුන් අග‍්‍රාමාත්‍යවරයා හමු වුණා.
හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස , චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා ඉදිරිපත් කර තිබෙන වාර්ථාත් මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප‍්‍රකාශත් පදනම් කරගනිමින් නව ව්‍යවස්තාව සකසන බවට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුලත් කර තිබෙන කරුණු පිලිබදව අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති හමුවේදී දෙමළ පක්ෂ නායකයන්ගේ හමුවේදී අවධානය යොමුවුණා.
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානතම පාර්ශවය වන ඉලංගයි තමිල් අරසුකච්චි සහයෝගය ඉදිරි ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට ඊයේ තීරණය කෙරුණා.
PHOTO - Jaffna 09 Sep. 2019
637 Views
Comments