පාර්ලිමේන්තුවත් වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

පාර්ලිමේන්තුවත් වසා දැමේ

පාර්ලිමේන්තුවත්  වසා දැමේ

අද සහ හෙට දිනයේදී පාර්ලිමේන්තුව වසා තැබීමට පියවර ගෙන ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පුර්ණයෙන්ම විෂබිජ හරණයට ලක් කිරීමට පියවර ගැනීම හේතුවෙන්.

 

 

පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලුම සේවක සේවිකාවන්ට අද සහ හෙට දිනයේදී රාජකාරි සඳහා වාර්තා කිරීමට අවශ්‍ය නොවන බවට දැනුම් දී ඇති බවත් අනිද්දා සිට යළි රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ.

 

 

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් රැඳී සිටින ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ මුළුතැන්ගෙයි සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් එම කඳවුර හුදෙකලා කොට ඇති බව පැවසූ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මේ හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලස්ථානයෙන් විශේෂ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවද සඳහන් කළා.

 

 

මිට පෙර පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණ බවට වාර්තා වුවා.

 

 

 

views

700 Views

Comments

arrow-up