පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන කටයුතු දුර්වල කිරීමට බලගතු පිරිස් උත්සහ කරනවා – කාදිනල් හිමිපාණෝ

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ දුර්වල කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු මේ වන විට හොඳින් සිදුවන බව පෙනී ගියත් එහි සොයා ගැනීම් දුර්වල කිරීම සඳහා යම් බලගතු පිරිස් විසින් යම් යම් වැඩ පිළිවෙලවල් සුදානම් කරගෙන යන බව ආරංචි වී ඇති බව උන්වහන්සේ මෙහිදී සඳහන් කළේය.
එම පිරිස් ධනවත් වුවත් බලවත් වුවත් ඔවුන්ට මෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාටද ජීවත් වීමේ අයිතිය තිබු බව ඔවුන් දැනගත යුතු බව අගරදගුරු හිමිපාණෝ අවධාරණය කළේය.
එම අයිතිය උදුරා දමා මානව හිමිකම් කියන ලේබලයට මුවා වී මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන නිලධාරීන්ට තර්ජනය කිරීම හා නඩු මගට යොමු වී නීතියත් අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම වැරදි බව උන්වහන්සේ සදහන් කළේය.
ඊයේ (22) දින අමරපුර මහා නිකායේමහා නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ සුවදුක් බැලිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මේ බව ප්‍රකාශ කළේය.
745 Views
Comments