ඉදිරි පැය 24 ශ්‍රී ලංකාවට තීරණාත්මකයි - චණ්ඩ සුළි කුණාටුවක් - ජනතාවට අනතුරු ඇඟවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
16

ඉදිරි පැය 24 ශ්‍රී ලංකාවට තීරණාත්මකයි - චණ්ඩ සුළි කුණාටුවක් - ජනතාවට අනතුරු ඇඟවේ

ඉදිරි පැය 24 ශ්‍රී ලංකාවට තීරණාත්මකයි - චණ්ඩ සුළි කුණාටුවක් - ජනතාවට අනතුරු ඇඟවේ

ගිණිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප‍්‍රදේශය ආශි‍්‍රතව පැවති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදෑසන වනවිට ති‍්‍රකුණාමලය සිට කිලෝමීටර් 670 ක් පමණ දුරකින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

මෙම පද්ධතිය අද දිනය තුළදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතයි. 

 

එම චණ්ඩ සුළි කුණාටුව ඉදිරි දිනවලදී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

 

මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. 

 

දිවයින හරහා සුළෙඟේ වේගය පැයට කිලෝ මීටර් 40 ත් 50 ත් අතර දක්වා වැඩි විය හැකියි. දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් අතර ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

 

මේ අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 09 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කෙරුණු දිස්ති‍්‍රක්කයි. 

views

10135 Views

Comments

arrow-up