රාජ්‍ය නොවන සංවිධානයක් ලංකාවේ ආණ්ඩුව පෙරලා එජාපයට පාර කපන කුමන්ත‍්‍රණයක – ගම්මන්පිල
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
16

රාජ්‍ය නොවන සංවිධානයක් ලංකාවේ ආණ්ඩුව පෙරලා එජාපයට පාර කපන කුමන්ත‍්‍රණයක – ගම්මන්පිල

රාජ්‍ය නොවන සංවිධානයක් ලංකාවේ ආණ්ඩුව පෙරලා එජාපයට පාර කපන කුමන්ත‍්‍රණයක  – ගම්මන්පිල

මෙරට ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ පිළිබඳ සාවද්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ පළ කිරීම සඳහා වෙරිටේ රිසර්ච් නම් රාජ්‍ය නොවන සංවිධානයක් මුදල් යොදා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් ගැන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (15) හෙළිදරව්වක් කළේය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

ඇමරිකානු බළල් අතක් එක්සත් ජාතික පක්ෂය හරහා රටේ ජන මනසට කරමින් සිටින බලපෑම පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් සිදුකිරීමට තීරණය කළා. දේශපාලකයින් විසින් කරන ප්‍රකාශ වල නිරවද්‍යතාව සොයා බලන බව පවසා ඒවා සත්‍යයි, අසත්‍යයි, අර්ධ සත්‍යයි යනුවෙන් වර්ග කර පුවත්පත් වල දැන්වීම් දමන එන්ජිඕවක් ෆැක්ට් චෙක් නමින් පවත්වා ගෙන යනවා.

views

1044 Views

Comments

arrow-up