කොරෝනා එන්නතක් සාර්ථකයි.. වඳුරන්ට එන්නත් කිරීමෙන් ප්‍රතිශක්තිකරණය වැඩිවෙලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
16

කොරෝනා එන්නතක් සාර්ථකයි.. වඳුරන්ට එන්නත් කිරීමෙන් ප්‍රතිශක්තිකරණය වැඩිවෙලා

කොරෝනා එන්නතක් සාර්ථකයි.. වඳුරන්ට එන්නත් කිරීමෙන් ප්‍රතිශක්තිකරණය වැඩිවෙලා

කොවිඩ් -19 වෛරසයට එරෙහිව නිපදවූ එන්නතක් වඳුරන්ට එන්නත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අමෙරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ සහ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඞ් සරසවියේ පර්යේෂකයන් විසින් නිපදවූ මෙම එන්නත ලබාදී ඇත්තේ දකුණු ආසියාවේ දක්නට ලැබෙන මැකාක් වඳුරන්ටයි.

 

කොවිඩ් 2 හෙවත් සාස් වෛරසයට එන්නත් කළ වඳුරන් නිරාවරණය කර ඇති අතර, එහිදී ඔවුන්ගේ පෙනහළු සහ ශ්වසන මාර්ගයට වෛරසය සුළු වශයෙන් ඇතුළුවී ඇති බව හෙළිවී තිබේ.

 

ඒ අනුව එම එන්නත මගින් වඳුරන්ට නියුමෝනියාවට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනගා ඇති බව විශ්වාස කෙරෙන බව වාර්තා වේ.

 

මෙලෙස වඳුරන් සඳහා සාර්ථක වුව ද එය මිනිසුන්ට ඒ ආකාරයෙන් ම ක්‍රියා කරන්නේ ද යන්න සහතික කළ නොහැකි බව පර්යේෂකයන් සඳහන් කර තිබේ.

 

කෙසේ නමුත්, මෙම අත්හදා බැලීම සඳහා යොදාගත් රීසස් මැකාකේස් වඳුරු විශේෂයේ පවතින්නේ මිනිසාට සමාන ප්‍රතිශක්තිකරණ පද්ධතියක් බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

 

මේ අතර, ඔක්ස්ෆර්ඩ්  සරසවියේ කොවිඩ් -19 එන්නත අත්හදා බැලීමේ කටයුතු මේ වන විට බ්‍රිතාන්‍යයේ ආරම්භ වී ඇති අතර, එම එන්නත පුද්ගලයන් දහසක නියැදියකට ලබාදීමට නියමිත ය.

views

1111 Views

Comments

arrow-up