ගුද මාර්ගයේ දුරකතනයක් සිරවූ වැලිකඩ රැදවියෙක් ජාතික රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

ගුද මාර්ගයේ දුරකතනයක් සිරවූ වැලිකඩ රැදවියෙක් ජාතික රෝහලට

ගුද මාර්ගයේ දුරකතනයක් සිරවූ වැලිකඩ රැදවියෙක් ජාතික රෝහලට

බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු තම ගුද මාර්ගයේ සඟවා ගත් ජංගම දුරකථනයක් ඉවතට ගැනීමට ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ මෙම ජංගම දුරකථනය ඉවතට ගැනීම වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට අපහසු වීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

 

ඉහත සැකකරු මත්කුඩු වලට සම්බන්ධ නඩුවකට අධිකරණයට ගෙන ගෙනගොස් නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටියදී මෙම දුරකථනය කිසියම් අයෙකුගේ හෝ ලබාගෙන ගුද මාර්ගයේ සඟවා ගෙන ඇතැයි හෙළි වී තිබේ.

 

එහිදී සැකකරු අපහසුතාවයෙන් පෙළීම නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කල නමුත් එය ඉවතට ගැනී බන්ධනාගාරයේ වෛද්‍යවරුන්ට නොහැකි වීම මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 

views

938 Views

Comments

arrow-up