‘20’ වගකීම ජනාධිපති බාර ගනී..
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

‘20’ වගකීම ජනාධිපති බාර ගනී..

‘20’ වගකීම ජනාධිපති බාර ගනී..

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි වගකීම තමා භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.

 

ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගි වූ ඇමැතිවරුන් කිහිප දෙනෙකු මේ බව මාධ්‍ය වෙත කියා සිටියහ.

 

එම සංශෝධනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව එම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැත.

 

මේ අතර ආණ්ඩුවේ ආරංචි වාර්තා කරන්නේ විසිවෙනි සංශෝධන පනත් කෙටුම්පත ලෙස නව ගැසට් පත්‍රයක් නිකුත් නොකරනු ඇති බවත් අදාළ කමිටු යෝජනාවන් කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කරනු ඇති බවත් ය.

 

views

782 Views

Comments

arrow-up