මුව ආවරණයක් භාවිත කළ යුත්තේ පැය 4ක් පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

මුව ආවරණයක් භාවිත කළ යුත්තේ පැය 4ක් පමණයි

මුව ආවරණයක් භාවිත කළ යුත්තේ පැය 4ක් පමණයි

රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වයත් සමග සෑම කෙනෙකුට මුව ආවරණයක් පැළදීම අත්‍යාවශ්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. නමුත් මුව ආවරණයක් උපරිම වශයෙන් පැළදිය යුත්තේ පැය 4ක කාලයක් පමණක් වන බව ඔබ දන්නවාද ?

 

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සදහන් කරන්නේ මුව ආවරණයක් උපරිම පැළඳිය යුත්තේ පැය 4 ක් පමණක් බවයි.

 

මේ වන විට මෙරට සමාජයේ වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන්නේ ශල්‍ය මුව ආරවණ (සර්ජිකල් මාස්ක්) වන බැවින් එය පැය 4කට වරක් මාරු කිරීම සෞඛ්‍යයට ඉතාමත් යෝග්‍ය බව ඇය පවසයි. ඒ අනුව පැය 4කට වරක් ශල්‍ය මුව ආරවණ (සර්ජිකල් මාස්ක්) මාරු කිරීම සුදුසු බව පුෂ්පා රම්‍යානි ප්‍රධාන හෙද නිලධාරිනීය වැඩිදුරටත් සදහන් කරයි.

 

 

views

640 Views

Comments

arrow-up