කොවිඩ් ප්‍රතිකාර සඳහා තවත් නව නිර්මාණයක් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
25

කොවිඩ් ප්‍රතිකාර සඳහා තවත් නව නිර්මාණයක් (VIDEO)

කොවිඩ් ප්‍රතිකාර සඳහා තවත් නව නිර්මාණයක් (VIDEO)

කොවිඩ් 19 වෛරස ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ යන්ත්‍රය (MCPR) නිපුණතා සංවර්ධන,වෘත්තීය අධ්‍යාපන,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය විසින් නිරීක්ෂණය කළාය.

මෙම යන්ත්‍රය නිර්මාණය කළ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක් වන ඩිල්ශාන් අබේවර්ධන මහතා විසින් මෙම යන්ත්‍රය අමාත්‍යවරියගේ නිරීක්ෂණයට යොමු කෙරිණ.

කොවිඩ් 19 වෛරස ආසාදනය වේගයෙන් පැතිරි ගිය පසුගිය කාලසීමාව තුළදී, එය පාලනය කිරීම,පර්යේෂණ කටයුතු,ප්‍රතිකාර කටයුතු ආදිය සඳහා නව නිර්මාණ 780ක් පමණ මෙරට දී නිර්මාණය විය.

 

 

කොරෝනා ප්‍රතිකාර සඳහා දේශීයව නිර්මාණය වූ MCPR යන්ත්‍රය

Posted by ආයුබෝ News on Tuesday, August 25, 2020

 

views

857 Views

Comments

arrow-up