පිල්ලෙයාන්ට මංගල සැසිවාරයට සහභාගීවීමට අධිකරණයෙන් අවසර

මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ, ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ලබන 20 වනදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගීවීමට අධිකරණය අවසර දී තිබෙනවා.
පිල්ලෙයාන් පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව මඩකලපුව බන්ධනාගාරය ඉදිරිපත් කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන මඩකලපුව මහාධිකරණයයි අද මෙම අවසරය ලබා දුන්නේ.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන පිල්ලෙයාන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.
670 Views
Comments