නාකොටික් 13දෙනා ලබන 31 දක්වා යළි රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කළේ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවත් කොවිඩ් වසංගත තත්වය හේතු වෙන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවටත් අධිරණයට වාර්තා කර තිබුණා.
ඉන් අනතුරුව පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කළා.
අනතුරුව සැකකරුවන් 13 දෙනා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
689 Views
Comments