මීගමුව බන්ධනාගාරයේ සිටි සැකකරුවෙකු මියයයි

රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ මිගමුව බන්ධනාගාරය තුළදි මියගොස් තිබේ.
මරදගමුල හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගිය අවස්ථාවේදි ප්‍රදේශවාසීන් විසින් මියගොස් ඇති සැකකරු සහ තවත් අයෙකු අල්ලා පොලීසියට භාරදී තිබේ.
සැකකරුවන් විසින් තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පවසමින් අදාළ නිවස කොල්ලකෑමට තැත්කර ඇති බවයි පොලිසියේ දී අනාවරණ වී ඇත්තේ.
පසුව ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
ඒ අනුව අද මහේස්ත්‍රාත් හමුවේ කරුණු දැක්වු මිගමුව බන්ධනාගාර නිලධාරින් එම නඩුවේ පළමු සැකකරු මියගොස් ඇති බව අධිකරණයට දැනුම් දි ඇත.
දෙවන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රු.ලක්ෂ 2ක ශරිර ඇප මත මුදා හැර ඇත.
සැකකරු මියගිය හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද මීගමුව රෝහලේදී සිදුකිරීමටයි නියමිතයි.
730 Views
Comments