ඉහළ ගිය විදුලිබිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

ඉහළ ගිය විදුලිබිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි

ඉහළ ගිය විදුලිබිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාව මාස දෙකකට ආසන්න කාලයක් තුළ නිවෙස් තුළ රැඳී සිටි නිසා ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බව කී ඇමැතිවරයා එලෙස නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ රජය බැවින්  ඉහළ ගිය විදුලි ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.



අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 



විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල දුන් උපදෙස් අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (8)  අමාත්‍ය මණ්ඩලයට යොමු කළ අවස්ථාවේදී එම වාර්තාවේ නිර්දේශිත කරුණු  වලින් ඔබ්බට ගොස් මහජනතාවට උපරිම සහනයක්ලබා දීමට රජය තීරණය කළ බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

 

views

697 Views

Comments

arrow-up