මංගල සවාරිය යතුරුපැදියෙන් ගිය ‘මනාල යුවළට’ රුපියල් 85,000ක දඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

මංගල සවාරිය යතුරුපැදියෙන් ගිය ‘මනාල යුවළට’ රුපියල් 85,000ක දඩයක්

මංගල සවාරිය යතුරුපැදියෙන් ගිය ‘මනාල යුවළට’ රුපියල් 85,000ක දඩයක්

මාර්ග නිති කඩ කරමින් පොලිස් අණ නොතකා යතුරු පැදියකින් මහනුවර – මහියංගණය A-26 ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් ගමන්කල මනාල යුවලකට මාර්ග නිති 08ක් කැඩිම සම්බන්ධයෙන් වූ වැරදි හේතුවෙන් රුපියල් 85,000ක දඩයක් නියම කිරීමට තෙල්දෙණිය දිසා අධිකරණය අද (01) නියෝග කරනු ලැබුවා.

 

මෙම මනාල යුවල මහනුවර – මහියංගණය A-26 මාර්ගයේ හුන්නස්ගිරිය නගරය ආසන්නයේදි මාර්ග නිති කඩකරමින් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් පොලිස් අණ නොතකා ධාවනය කරමින් සිටියදි පොලිසිය විසින් පසුපස හඹා ගොස් මෙම යුවල අත්අඩංගුවට ගෙන ඇත.

 

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෙම මනාල යුවල විවහා විමෙන් පසුව මෙලෙස මංගල සවාරියක නිරතවි ඇති අතර එම දෙපලට රියදුරු බල පත්‍රයක් හෝ නොමැති බව හෙළිවී තිබෙනවා. එමෙන්ම මොවුන් මාර්ග නිති 08ක් කඩ කොට ඇති බැවින් පොලිසිය විසින් බි වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම් දීමෙන් අනතුරුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සුරිය මහතා රුපියල් අසු පන්දහසක දඩයක් නියම කරනු ලැබුවා.

 

views

801 Views

Comments

arrow-up