දේශපාලන ප්‍රචාරණයට ජනපතිගේ ඡායාරූප යොදා නොගන්නැයි නියෝගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

දේශපාලන ප්‍රචාරණයට ජනපතිගේ ඡායාරූප යොදා නොගන්නැයි නියෝගයක්

දේශපාලන ප්‍රචාරණයට ජනපතිගේ ඡායාරූප යොදා නොගන්නැයි නියෝගයක්

එළඹෙන මහ මැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ජායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර සිටිනවා.

 

එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

 

මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිතුමාගේ ජයාරූපය භාවිත කරන බවටත් යුධ හමුදා සහ රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගන්නා බවටත් විවිධ පත්වීම් ලබාදෙන බව ප්‍රකාශ කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බි.ජයසුන්දර විසින් සියලු ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානින් වෙත අද දින ලිපියක් මගින් දැනුම් දී ඇත.

 

මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිතුමාගේ ජායාරූපය භාවිත නොකරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් දෙන ලෙස ජනාධිපති විසින් සිය ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

 

views

757 Views

Comments

arrow-up