බැදුම්කර නඩුව විභාගයට තීරණය කෙරේ - අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට එයිද?

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නොමැතිව නඩු විභාගයේදී විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අද මහාධිකරණයට දන්වනු ලැබුවා.
එහිදී විත්තිකරු නොමැතිව නඩු විභාග පවත්වා ගෙන යාමට හැකියාවක් ඇති ද යන්න පිළිබදව විනිසුරුවරුන් ප්‍රශ්න කර සිටියා.
එයට ප්‍රතිචාර ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සදහන් කර සිටියේ විත්තිකරුව උදර්පණ නීතිය හරහා මෙරටට ගෙන්වා ගැනීමට දෙරටේ තානාපතිවරුන් හරහා උත්සාහ ගනිමින් සිටින නමුත් එය අසාර්ථක වුවහොත් ඔහු නොමැතිව නඩු විභාග ඉදිරියට පවත්වාගෙන යෑමට අධිකරනයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
793 Views
Comments