කොරෝනාවට මුහුණ දීමට අපේ රට සූදානම්ද?

වර්තමානයේ දී ලෝක වසංගතයක් බවට පත්වෙමින් නව corona වෛරසය හෙවත් COVID 19 විසින් මේ වන විට දහස් ගනනක් මිනිස් ජීවිත බිලි අරගෙන හමාරයි. දැනට ලෝකයේ රටවල් 75ක පමණ ආසාදිතයන් හමුවී ඇති අතර අපේ රටටත් සුළු ප්‍රමාණයකින් මේ වන විට වෛරසය පැමිණ තිබේ. කුමන අවස්ථාවකදී හෝ ආසාදිතයෙකු හමුවූ විට ඊට අවශ්‍ය සියලු නිවාරණ පිළිවෙත් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇත.
දැනට මේ සඳහා කොළඹ අයි ඩී එච් උන රෝහල ඇතුළු අපේ රටේ රෝහල් දාහතරක මෙම රෝගයට අවශ්‍ය පහසුකම් සූදානම් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම තත්ත්වය නිසා මුළු ලෝකයම ඉහලම අවදානම් තත්ත්වයක් බවට නම් කර තිබේ. මෙම රෝගයෙන් බේරීමට නම් තම පෞද්ගලික ස්වස්ථතාව ඉතාම වැදගත්. රෝගී වූ විට ප්‍රතිකාර කිරීම පිළියමක් නොවන අතර වැළඳීමට පෙර ඉන් වැළකිය යුතුයි. මෙම වෛරසය රටට ඒම වැළැක්වීමට නම් විදේශ රටවලින් පැමිණෙන සෑම කෙනෙකුම ගුවන්තොටුපලේදී නිසි පරීක්ෂණයකට භාජනය කළ යුතුය. ඉන්පසුව ඔවුන් ඉදිරි දින 14ක කාලයක් තම නිවසේම රැඳී සිටිය යුතුයි. මෙම දින 14ක කාලයේදී උණ සැදුනොත් ඒ සමඟ කැස්ස තිබේනම් හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් රජයේ රෝහලකට ගොස් ප්‍රතිකාර ගත යුතුයි.
මෙසේ දින 14 කාලය ඇතුළත උණ සෑදුණොත් තමන්ගේ සායනික ඉතිහාසය වෛද්‍යවරයාට නිසි ලෙස පැවසීම ඉතාමත් වැදගත්. එවිට නියමිත ප්‍රතිකාර ලබා ගනිමින් සම්පූර්ණ සුවය ලබා ගැනීමට රෝගීන්ට හැකියාවක් ලැබේ. බොහෝ දෙනා මෙම රෝගයට බියෙන් සිටින්නේ රෝගියෙකු හඳුනා ගත්තොත් එම රෝගියා මෙන්ම පවුලේ අයත් වෙන්කර ඔවුන්ගේ ජන ජීවිතය පවා අවුල් වේ යැයි සිතන නිසාය. මේ නිසා සැක සහිත අය පවා රෝගය සඟවා සිටීමට උත්සාහ කරති. එය රෝගියාගේ ජීවිතයට අවදානම් මෙන්ම රට පුරා පැතිර යාමට ද ප්‍රධාන හේතුවක් විය හැකියි. corona රෝගියෙකු යැයි හඳුනා ගතහොත් ඒ අය එම රෝගීන් සිටින විශේෂිත වාට්ටුවක තබයි.
තවද මෙම වෛරසය මාරාන්තික එයින් බොහෝ අය බිය වී සිටිති. නමුත් රෝගයට ගොදුරු වූ කෙනෙක් එය මුලදිම හඳුනාගතහොත් නිසි ප්‍රතිකාර වලින් අනතුරුව සම්පූර්ණ සුවය ලබා ගැනීමට පුළුවන්. මෙම රෝගය ඉතා ඉක්මනින් හඳුනා ගැනීමට අපේ වෛද්‍ය පර්යේෂණායතනයට හැකියාව ඇත. එය සෙම පටල පරීක්ෂණයක්. එනම් අණුක ජීවවෙදී පරීක්ෂණයකි. දැනට මේ සඳහා සෙම පටල සාම්පල සතියකට සිය ගණනක් වෛද්‍ය පර්යේෂණායතනයට ලැබේ. එම නිසා රෝග ලක්ෂණ යැයි සැක සහිත නම් රෝහල්ගත වීමට බිය නොවන්න. ඔබ කළ යුත්තේ විදේශ රටක සිට පැමිණ දින 14ක් ඇතුළත උණ හැදුනොත් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි. ඉන් ඔබටත් පවුලටත් රටටත් corona වෛරසයෙන් බේරීමට හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
511 Views
Comments