සමගි ජනබලවේගයෙන් මහ මැතිවරණයට - තීරණයේ කිසිදු වෙනසක් නැහැ

සමගි ජන බලවේගය ඒක්සත් ජාතික පක්ෂය අැතුළත්ව සැදුම්ලත් ඒකක් බව සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරනවා. අද පැවති හමුවකදී ඒ මහතා මෙසේ බව කියා සිටියා.
"කෘත්‍යාධිකාරී මණ්ඩලය මම ඉල්ලන්නෙත් නැතුව සන්ධානයේ නායකයා බවට පත් කළා. සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත්කළා මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිවරයා බවට පත්කළා.
ඒ නිත්‍යානුකූලව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරයක් ඇතිව මේ සන්ධානයේ අපි ආරම්භ කළේ. හැමෝම අවබෝධ කරගන්නට ඕනේ මේ සන්ධානය එක්සත් ජාතික පක්ෂය ඇතුළත් සන්ධානයක් කියන එක.
හැමෝම පැහැදිලිව දැනගන්න ඕනි විවිධ පුද්ගලයන් විවිධ කතන්දර කියනවා. මට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයයි.
මගේ පියාණන් ජීවිතය අහිමි කර ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියේ මහපාරෙ ඉඳගෙන... සංවිධානය කරන අතරතුර... ඒ නිසා කවුරුත් මට කොළපාට වැදගත්කම, අලියාගේ වැදගත්කම, එක්සත් ජාතික පක්ෂයේ කම ගැන කාගෙන්වත් මට පකාරක පන්ති අවශ්‍ය වෙන්නේ නෑ..."
සමගි ජාතික බලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ද මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකලා.
"අපි දැනටමත් අපේ මිත්‍රත්වය වෙනුවෙන් සමගිය වෙනුවෙන් අපේ ලකුණ දුරකථනය ගැන පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නෙ නැතිව අපි පොදු එකඟතාවය ප්‍රකාශ කරපු නිසා තමයි අපේ ලකුණු සම්බන්ධ අපි අවශ්‍ය ප්‍රචාරය දුන්න ඇත්තේ.
කවුරුහරි වෙන වෙනම ඉල්ලනවා නම් රකාශ කරලා තියෙනවා නම්, ඒක සමගිය කඩන්න සමගියෙ විඳින්න කරන ප්‍රකාශයක් විදිහට තමයි මම දකින්නේ.
අපි දැන් තීරණය කරලා තියෙන්නේ සමගි ජනබල වේගයෙන් ඉල්ලන්නේ ඒ තීරණය අපේ කිසි වෙනසක් නෑ.."
836 Views
Comments