අප්‍රේල් 07 වන විට මෙරට කොරෝනා රොගීන්ගේ තීරණාත්මක වැඩි වීමක් - GMOA

අද(25) සිට අප්‍රේල් 07 දක්වා කාලය තුළ මෙරට කොරෝනා ආසාධිතයන්ගේ ප්‍රමාණය තීරණාත්මක වැඩි වීමක් පෙන්නුම් කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
මෙරටින් දැනට වාර්තා වී ඇති රෝගීන් සමඟ ස්පර්ශක සබඳතා පැවැත්වූ 19,000ක් පමණ පුද්ගලයින් දිවයින පුරා සෞඛ්‍ය සහ පරිපාලන අංශයන්හි අධීක්ෂණය යටතේ සිටින බව එම සංගමය පවසයි.
එබැවින් තහවුරු නොවූ කොරෝනා ආසාධිතයන් 552 ක් සිටින බව විද්‍යාත්මකව ගණනය කළ හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර සිටී.
1608 Views
Comments