මහ ඡන්දයට මැතිවරණ කොමිසමෙන් මාර්ග සිතියමක්

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනයට නතුවූ තත්වයක් යටතේ කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ග සිතියමක් සකස් කරමින් සිටින බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ, මැතිවරණය කල් නොයවා පාලන කොරෝනා තත්ත්වයක් යටතේ පැවත්වීමට අවශ්‍ය මාර්ගෝපදේශයක් සකස් කිරිමක් සිදු කරන බවයි.
එහිදී භෞතික දුරස්ථභාවය, නිතර අත් සේදීම සහ මුව ආවරණ පැළඳීම යන කරුණු මුලික කර ගත් කරුණු මත පදනම්ව ඡන්දය පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් සමඟ මැතිවරණ කොමිසමේ හා අදාළ පිරිස් සමඟ සාකච්ඡා කරමින් මාර්ග සිතියමක් සකස් කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පවසයි.
එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ද පැවසු ඒ මහතා, ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම ගැන සලකා බලන බව ද කියා සිටියි.
මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් අදහස් විමසා ඇතැයි ද පැවසු මහින්ද දේශප්‍රිය මහතා, දැනට තැපැල් ඡන්ද වැඩ අවසන් කරමින් තිබෙන බවත් පවසයි.
අධිකරණමය කටයුත්තක් නිසාවෙන් මැතිවරණ දිනය පිළිබඳ කතා කිරීම සුදුසු නැතැයි ද පැවසු ඒ මහතා, මැතිවරණ කොමිසම කිසිදු පක්ෂයකට පක්ෂපාති නොවන බවද ද කියා සිටියි.
කොමිසම සෑම විටම ජනතාවට සහ ව්‍යවස්ථාවට පක්ෂපාති වන බවත් පැවසු ඒ මහතා, ජනතාවට හානියක් නොවන ලෙස හැකි ඉක්මනින් ඡන්දය පැවැත් වීමට කටයුතු කරන බවත් “කොවිඩ් – 19 ට පරාජය – ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය “ යනුවෙන් යැයි ද පවසයි.
රුපියල් 5000 ක දීමනාව අහිමි වී තිබෙන්නේ මැතිවරණ කොමිසම නිසාද ? යන ගැටළුවට පිළිතුරු දෙමින් එම මහතා කියා සිටියේ එය වැරදි මතයක් බවත්, රට යථා තත්වයට පත් ව ඇත්නම් එය ජුනි මාසය සඳහා ගෙවීම සුදුසු ද යන්න සලකා බලන්න යැයි පමණක් පැවසු බවත්ය.
ඒ අනුව එම දීමනාව ගෙවන්නේ නම් නිර්දේශ සලකා බැලිය යුතු යැයි ද එහි සඳහන් වු බවද දේශප්‍රිය මහතා කියා සිටියි.
806 Views
Comments