ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අවශ්‍ය ඇයි ? මහේල ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අවශ්‍ය වන්නේ ඇයි දැයි හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රශ්න කරනවා
හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණය පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව පැවසුවේ.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රිකට් ක්‍රීඩාංගන පවා තරග සඳහා එතරම් භාවිතා නොවන බවයි මහේල ජයවර්ධන සඳහන් කරන්නේ.
මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පැවසුවා.
හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිවන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ඉදිකරීම් නවතා දමා තිබූ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු ආරම්භ කිරීම සදහා සියල්ල සූදානම් බව අමාත්‍යවරයා සදහන් කළා. අක්කර 26 ක භූමි ප්‍රමාණයක් ඒ සදහා වෙන් කර තිබෙනවා.
දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි පදිරී ක්‍රීඩාංගනය සකස් කරන බවයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ. පළමු අදිරය යටතේ නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සකස් කෙරෙනවා. දෙවන අදියර යටතේ ආසන විසිදහසක් එක් කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ. සියලු නවීන පහසුකම්වලින් ක්‍රීඩාංගනය සමන්විත බව ද අමාත්‍යවරයා සදහන් කළා.
😲😲😲 We don’t even play enough international cricket or domestic first class cricket in the existing stadiums we have ... Do we need another one? 🤦♂️ https://t.co/8CgmgiDyy1
— Mahela Jayawardena (@MahelaJay) May 17, 2020
713 Views
Comments